Nawagraha Shanthiya 21 Warak (නවග්‍රහ ශාන්තිය 21 වරක්) | Nawagraha Seth Kavi | Nawagraha Kavi

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • Nawagraha Shanthiya 21 Warak (නවග්‍රහ ශාන්තිය 21 වරක්) | Nawagraha Seth Kavi | Nawagraha Kavi | Dahami Desawana
    අරහං බුදු ගුණෙන් මගේ ඉරුගේ අපල දුරු වේවා
    ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා
    සම්මා සම් බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා
    මාරක බාධක වැලකී මගේ පැතුම් ඉටු වේවා
    විජ්ජා චරණෙ බලයෙන් අඟහරු දොස් ඉගිලේවා
    වස විස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා
    සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා
    ගුණ නුවණින් වැඩී සියලු සැප සම්පත් ඉතිරේවා
    ලෝක විදූ තෙදින් මගේ ගුරුගේ දෝස දුරු වේවා
    සතුට සමාදානය මට නිරෝගි සුව වැඩි වේවා
    අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා
    සිතුමිණ වැනි රුවන් ගැබක ආයුෂ මගෙ වැඩිවේවා
    පුරිස ධම්ම සාරථි බල මහිමෙන් සැඩ සෙනසුරාගේ
    අකල විකල භූත දෝස ගැටුම් වැටුම් හා කොඩිවින
    දුරැර සියලු මෙකී දෝස විලස සාදු ජය බෝරුක​
    ජින පන් ජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා
    සත්ථා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා
    යක්‍ෂ ප්‍රේත වින බන් ධන දුරු වී සිරි සෙත දේවා
    භගවා යන විදුරවියෙන් කේතු අපල ඉගිලේවා
    මගේ කයට බසට සිතට සැපත සතුට වැඩි වේවා
    මකර කුම්භ මිථුන තෙරැස මාරක බිය දුරු වේවා
    කැපී කෝටියක්ම දෝස මට ජය මග එලි වේවා
    සිංහ මේෂ ධනු තුන් රැස බාධක බිය දුරු වේවා
    තිසරණ සරණින් ජයසිරි සුභ සෙත මට ලං වේවා
    මීන කටක නුහුණු තෙරැස සැම ග්‍රහ දොස් දුරු වේවා
    දම් සරණින් මගේ අපල දුරු වී සිරි සෙත දේවා
    රාහු කේතු රවි සදු කුජ බුධ ගුරු කිවි සහ සෙනසුරු
    නීච පාප අපල මගේ සඟ සරණින් දුරු වේවා
    තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා
    මගේ ගෙදර අයට මටද ජයසිරිසෙත ලං වේවා
    නව ග්‍රහ සහ බූත දෝස සැම දුරු වී සැප වේවා
    ජය බෝ රුක මුණි පිට දුන් මට ජය සේසත වේවා
    ජය සිරිමා බෝ රජුගේ දක්ශිණ ශාඛා සෙවනේ
    දීප දූප මල් සුවඳින් ගිලන් පසින් පුද දෙමිනේ
    දහස් දෙනා එක් රොක් වී කරන මෙපින් මෙත් සිතිනේ
    මිය ගිය අය නැ මිතුරන් සැම දෙන පින් ලැබ ගන්නේ
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    ▶ Subscribe දැහැමි Desawana : bit.ly/Subscrib...
    ▶ Circle us on G+ : bit.ly/DahamiDG...
    ▶ Like us on Facebook : bit.ly/DahamiDF...
    ▶ Follow us on Twitter : bit.ly/DahamiDT...
    ▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
    #NawagrahaShanthiya #KaviBana #SethKavi #Navagraha #DahamiDesawana

Комментарии • 14