09 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජෛව විවිධත්වය

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025
  • ✤ පරිසරයේ ශාක, සතුන්, ක්ෂුද්‍ර ජීවීන් වාසය කරන අතර එම ජීවීන් ඇතුළු ඔවුන්ගේ ජානවල විවිධත්වය හා ජීවීන් වෙසෙන පරිසර පද්ධතිවල විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හැඳින්විය හැකි ය.
    ✤ ජෛව විවිධත්වය සඳහා විවිධ තර්ජන පවතී. එම තර්ජන හේතුවෙන් ජෛව විවිධත්වය ක්ෂය වීමේ තත්ත්වයක් උද්ගතව ඇත.
    ✤ පරිසර පද්ධතියක පවතින ජීවී සංඝටක මෙන් ම අජීවී සංඝටක අතර නිරන්තරයෙන් අන්තර්ක්‍රියා සිදු වේ. ඒවා ජීවී-ජීවී, ජීවී-අජීවී, අජීවී-අජීවී ලෙසින් සිදු විය හැකි ය.
    ✤ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජලජ පරිසර කරදිය, මිරිදිය හා කිවුල්දිය ලෙස ආකාර තුනකින් හඳුනාගත හැකි ය. ගංගා, ගංමෝය, කළපුව, ගංගාශ්‍රිත පරිසර, අභන්තර ජලාශ, සාගරය යනාදිය මීට අයත් වේ.
    ✤ ශ්‍රී ලංකාවේ දැකිය හැකි ස්වාභාවික භෞමික පරිසර වනාන්තර සහ තෘණ බිම් ලෙස ආකාර දෙකකි. තෙත් වර්ෂා වනාන්තර, කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටුපඳුරු හා ලඳු කැලෑ යනාදි ලෙස වනාන්තර වර්ග හතරක් දැකිය හැකි ය.
    ✤ ශ්‍රී ලංකාවේ තෘණබිම් ලෙස තෙත් පතන, වියළි පතන, දමන, තලාව ආදිය හැඳින්විය හැකි ය.
    #ediratutor #biodiversity #biodiversityandconservation #bio #ecosystem #ecosystemservices #écosystème #ecosystemdiversity #settlementenvironment

Комментарии •