Chariot Path|රාවණාගේ කරත්ත පාර|Coldest Night Camp with Hiker 360 Sri Lanka
HTML-код
- Опубликовано: 9 ноя 2024
- #chariot_path #night #camping #ravanalanka #beauty #travel #hiker360
පුස්සැල්ලාවට උදෙන්ම යන්න ඕන නිසා අපි කොළඹින් රෑ 12 ට වගේ තිබුන නුවරඑලිය 🚌 එකේ යන්න තීරණය කලා. ඒ ගමනට පැය 5ක් වගේ යයි කියල හිතුවට 🚌එක ✈️ එක වගේ ගිය නිසා උදේ 3 වෙද්දි අපි පුස්සැල්ලාව 🚌 ස්ටෑන්ඩ් එකේ. 🚌එකෙන් බහිද්දිම වෙවුලන්න සීතල 🥶. පෙරට්ටාසි 🚌එක තියෙන්නෙ උදේ 7.30 නිසා පැය ගානක් 🚌 ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්න වුනත්, 🥶 නිසාත් 😴මත නිසාත් ලේසි වුනේ නෑ. ඒ ටයිම් වෙද්දි කවුරුත් ඒ අවට හිටියෙත් නැති නිසා අපි 🚌 ස්ටෑන්ඩ් එකේම අපේ 🏕 එකේ floor carpet එක දාගෙන හාන්සියක් දැම්මට 🥶 නිසා කොල්ලො වෙවුලනවා 🥲. එහෙන් මෙහෙන් එළිය වැටෙද්දි ස්ටෑන්ඩ් එකේ බිම නින්ද ගිහින් හිටිය අපි ඇහැරුනේ 🚌 counter එකේ අයිය ඇවිල්ල අතුගාන්න ගත්තම. එහෙමම අපි කඩේකට ගිහින් ☕️ ගහල ඇග ටිකක් heat කරන් උදේට කෑමත් එතනින්ම ගත්තා. 🥶 නිසා ඒ පැති වල අයගෙ කෑම වල 🔥 පනින තරම් සැර.
දවල්ටත් කෑම පාර්සල් ගත්තු අපි 🚌 එකේම පෙරට්ටාසි වලට යන්න පිටත් වුනා. 🚌 එකේ බැස්සම එතන ඉදල අපේ සුන්දර ගමනාන්තය දක්වා 👣 ගමන ආරම්භ කරන්න පුලුවන්.
මුහුදු මට්ටමේ ඉදල 2100m පමණ උසකින් පිහිටල තියන මේ රාවණාගේ කරත්ත පාර කියන ප්රදේශයත් එක්කම තියන පරිසර කලාපයේ සුන්දරත්ව වඩාත් ඉස්මතු වෙන්නෙ ඈතින් පේන සමනළ, ග්රේට් වෙස්ට(ර්)න් , පිදුරුතලාගල , ගවරවිල කියන කදුත් 🌞 එළිය නිසා දිලිසෙන කොත්මලේ ජලාශයත් නිසා.
මීදුම ඇත්තටම සුන්දරද? Chariot path උඩදි නොනවත්වා path එකම වසාගෙන වේගයෙන් ඇදෙන මීදුම අපෙ හිත් අමුතු තනිකමකින් වෙලා ගත්තා 😶🌫️. අපි නිදහස කියන්නෙත් ඒකටම වෙන්නැති 😌. දවල් 12 පහු වෙද්දිම 🌞 එළිය අභිබවා යන මීදුම් වළා කැටි නිසා පැත්තම අදුරෙන් වැහුනම දැනෙන සීතල මකා ගන්න 🔥 මැළයක් මැවි මැවී පෙනුනත් අපි 🔥 මැළ නොගහ ⛺️ එක ඇතුලට වෙලා ☕️ න් ශේප් වෙලා හිටියෙ , 🔥 මැළ ගහන්න තරම මේ තැන අපට අයිති තැනක් නොවන නිසා.
පස්සෙ කාලේ මේ ප්රදේශයට යම් යම් නීති රෙගුලාසි පනවලා තිබුණේත් යන එන මිනිස්සුන්ගෙම නොමනා ක්රියා නිසා. හැගීමක් දැනීමක් 😵 නැති ශරීර කූඩු 💀 ස්වභාවධර්මයට මුසු වුනාම අවසානයේ ලැබෙන ප්රතිඵල මොන වගේද කියල අපිට වට පිටාවෙ ඇවිදිද්දි දකින්න පුලුවන් වුනා 😪.
රැගෙන යන අස්වාභාවික දේ මේ ස්වභාවික පද්ධතියක ඉතිරි කරන්න තරම් පහත් සිතුවිලි ඇති හිස් ශරීර කූඩු වල බැල්ම මේ වගේ සුන්දර තැන් වලට නොවැටෙන තාක් මේ තැන් ආරක්ෂා වෙලා තියේවි 🙏.
08:56 වතුර ගත්ත තැන
10:57 නවතින්න හොඳම place එක
13:26 පාත් එකේ නැගෙනහිර අන්තය
14:18 සීතාගේ කඳුලු පොකුණ
21:15 මීදුමෙන් වැසුන පාත් එක
27:51 බටහිර අන්තයට දිස් වන ඈතින් පිහිටි කඳු
ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා📝.
මේ වගේම තවත් සුන්දර සහ ත්රාසජනක ගමනාන්ත කිහිපයක රූප රාමු..
කෙහෙල්පත්දෝරුව- • Kehelpathdoruwa|කෙහෙල්...
ග්රේට් වෙස්ටන්- • Great Western|ග්රෙට් ...
ඉදල්ගස්හින්න- • Idalgashinna|ඉදල්ගස්හි...