"Pata Ihirunu" By Kapila Aparakka - පාට ඉහිරුණු

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • පාට ඉහිරුනු සිහින බොඳවී
    විරහ වේදනා විඳී
    වියළි කතරක් දෙබෑ කරමින්
    ගැලූ සෙනේ ගඟ සිඳී....
    අහස් ගව්වට නොපෙනෙනා සේ
    සිතේ පැතුම් පොදි බැඳී
    මහා පොළොවට නොදැනෙනා සේ
    අපේ ගමන් මග බිඳී....
    හදේ ගිනිදැල්ලක් දරාගෙන
    මමත් කොහේ හෝ රැඳී
    නෙතේ කඳුළැල්ලක් පුරෝගෙන
    ඔබත් කොහේ හෝ හිඳී....
    Song - "Pata Ihirunu"
    Lyrics - Senani Ruwanpathirana
    Melody/Music composition/Mixed & mastered/Singing by
    Kapila Aparakka

Комментарии • 1

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 Год назад

    විරහව ඉතාම සුන්දරව නිර්වචනය කල පදරචනයට ඔබටම ආවේනිකවූ සිත නිවන සියුම් ස්වර මුසු කරමින් පදවැලට එහා ලෝකයක සිත අතරමංකරවූ ඔබේ ආදරණීය ලයාන්විත හඬ හදවත ස්පර්ශ කරවයි..
    සුභාවිත ගීත සාහිත්‍යට මෙවන් වටිනා ගීත දායාද,කරන්න්නට නිබඳ ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා